Posts

Showing posts with the label instagram
via Instagram @username

කරන්දෙණියේ විහාරස්ථානයක ඊයේ (24) පැවති පෙරහැර අතරතුර අලියෙකු කුලප්පු වී සිදුකළ පහරදීමෙන් ඇත්ගොව්වා මියගොස් තිබෙනවා. පොලීසිය සදහන් කළේ කරන්දෙණිය - කොස්වතුමානාන ශ්‍රී සුදර්ශනාරාමයේ වාර්ෂික පෙරහැර අතරතුර මෙම අලියා කුලප්පු වී ඇති බවයි. මෙම පෙරහැර කරන්දෙණිය - බොරකන්ද ප්‍රදේශය පසුකරනවාත් සමගම අලියා කුලප්පුවී ඇත්ගොව්වා දෙසට හැරී ඔහුට පා පහරක් එල්ල කර තිබෙනවා. පසුව අලියා, ඇත්ගොව්වා අසල තාප්පයක් දෙසට විසිකර දමා ඇති බව සදහන්. අනතුරුව ඒ, අසලට ගොස් ඇත්ගොව්වාගේ හිසද පාගා ඇති බව වාර්තා වනවා. සිද්ධියෙන් මියගිය ඇත්ගොව්වාගේ වයස අවුරුදු 45 ක් වයසැති රිදීගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුට පහරදීමෙන් අනතුරුවද කුලප්පු වී සිටි අලියා එම ස්ථානයෙන් ඉවත් කිරිම අපහසු වී ඇති අතර මෙම සත්වයාගේ පහරදීමෙන් අසළ නිවාස කිහිපයකටද හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් වනජිවි නිලධාරින් එම ස්ථානයට කැඳවා අද අලුයම 04ට පමණ අලියා නිර්වින්දනය කර රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

via Instagram @username