Posts

Showing posts with the label apple phone

Jack chan gossip

Image
HOLLYWOOD ජැකී චෑන් සටන් අතහරියි ජැකී චෑන් ගේ රංගන විලාසයන් සිනමා රසිකයන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. එදා සහ අද පරපුරත් ප්‍රිය කරන මේ අතිදක්ෂ සටන් නළුවා දැන් පසු කරමින් සිටින්නේ තම ජීවිතයේ 63 වැනි වසරයි. මේ ප්‍රවීණයා පසුගියදා පැවසුවේ තමන් මෙතෙක් රඟපෑ සටන් චරිතවලින් මිදිය යුතු බවයි. මගේ වයස දැන් 63 ක්. මට තවත් සටන් චරිත නිරූපණය කරන්න බැහැ. එදා වගේ ‘රශ් අවර්’ 1, 2, 3, 4, 5 කියලා චිත්‍රපටිවල දිගින් දිගටම එකම චරිත රඟපාන්න බැහැ. මම දැන් වෙනස් වෙන්න ඕනෙ. එහෙම වෙනස් නොවුණොත් ප්‍රේක්ෂකයන් මගෙන් ඈත් වෙයි. ඇමෙරිකානු, චීන, කොරියා, හොංකොං වගේ සිනමාපටවලින් අද වනවිට සටන් නළුවො කොයිතරම් දෙනෙක් ඈත්වෙලා ඉන්නවද? ටික දෙනාටයි රැඳිලා ඉන්න පුළුවන් වුණේ.” “අද හුඟක් නළුවන්ට ස්ටන්ට් නළුවො නැතුව රඟපාන්න බැහැ. සටන් කරන්න දන්නෙත් නැහැ. ඒ අය දන්නෙ ‘ස්පයිඩර්මෑන්’ වගේ විශේෂ ප්‍රයෝග එකතු කළ චරිත රඟපාන්න විතරයි. සමහර සටන් දර්ශන රඟපාන නළු නිළියො පෙනුමෙන් නම් ලස්සනයි. සටන් බැහැ.” ජැකී චෑන් හොලිවුඩ් මාධ්‍යවලට එලෙස පැවසුවා.

Gossip Lanka

Image
TECH පාර පනිද්දී හැප්පෙන එක නවත්වන්න තරුණයකු ජංගම දුරකථනයකින් කරපු අපූරු නිර්මාණය පාර හරහා ගමන් කිරීමේදී සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට තරුණයකු විසින් ඇප් එකක් නිර්මාණය කර ඇත. නුගේගොඩ පදිංචි 22 හැවිරිදි සංඛ රත්නායක තරුණයා මෙම ඇප් එක නිර්මාණය කර ඇත. එම ඇප් එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ (17දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා එක්වූ අතර ඒ මහතා පැවැසුවේ මෙමගින් රිය අනතුරු අවම කරගත හැකි බවය. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,297ක් බවත්, එයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් සහ මගීන් බවත් ඒ මහතා පැවැසීය. ජනයුගය 2017.10.18

Gossip watar fall

Image
GOSSIP තට්ටු ගණන් උස ගොඩනැගිල්ලකින් ඇදහැලෙන චයිනිස් දියඇල්ල නොසිතූ ආකාරයේ නොසිතූ ස්ථානයක කෘතීම දිය ඇල්ලක් නිර්මාණය කිරීමට චීන රජය සූදානම්ව සිටිනවා. ඒ මහල් ගොඩනැගිල්ලකින් ඇදහැලෙන ලෙස. ලීබියන් ඉන්ටර්නැෂනල් ප්ලාසාහි ඉදිකිරීමට යන මෙම නිර්මාණයේ උස මීටර් 108 ක් වන සේ සලසුම් කර ඇති බව වාර්තා වනවා. මෙම ඉදිකිරීම සඳහා දැවැන්ත ජල ටැංකියක් සහ කිලෝවොට් 185 ක වැනි ජල පොම්ප 4 ක් වත් භාවිතා කිරීමට අවශ්‍ය වන අතර ඒ සඳහා අධික පිරිවැයක් ද දැරීමට සිදුවන බව ඔවුන් කියා සිටිනවා. කෙසේවෙතත් නගර අලංකරණයට ලෝකයේ ඇති සුවිශේෂීම ඉදිකිරීම් ඉදිකිරීමට කිසිසේත් නොපැකිළෙන බවද ඔවුන් වැඩිදුරටත් කියා සිටිනවා.      

Apple and huawei

Image
TECH ඇපල් iPhone අභිබවා Huawei වෙළෙද පොළේ පළමු තැනට එයි ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයේ රජ්ජුරුවෝ විදිහට හිටපු ඇපල් සමාගමට ඇඩ්ඩ‍්‍රස් නැති වෙන වැඩක් Huawei සමාගම සිදුකරලා තියෙනවා. ජංගම දුරකථන අලෙවියෙන් ප‍්‍රථම වතාවට ඇපල් සමාගම අභිබවා වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථනය සමාගම බවට පත්වීමට Huawei සමාගම සමත්වෙලා තියෙනවා. ඒ අනුව ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඇපල් සමාගම ඇද වැටිලා. සංඛ්‍යාත්මකව ගත හොත් පසුගිය කාර්තුවේදී පමණක් චීනයේ නිෂ්පාදිත ස්මාර්ට් ජංගම දුරකථන මිලියන 54ක් අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ කියන්නේ 40%ක වැඩිවීමක් කියලයි ජංගම දුරකථන වෙළෙද පොළ වාර්තා කරන්නේ. පසුගිය කාර්තුවට පෙර ස්මාර් දුරකථන වෙළෙ පොළේ සැම්සුන් සමාගම විසින් අලෙවි කළ දුරකථන ප‍්‍රමාණය මිලියන 70ක්. කොහොම වුනත් හුවාවි සමාගම ඇපල් සමාගම අභිබවා වෙළෙද පොළේ අල්ල ගැනීම නිසා ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

Apple iphone xs max

Image
GOSSIP මෙතෙක් නිෂ්පාදනය කල විශාලතම Display එක්ක සහිත Apple iPhone XS Max එළිදකී ස්මාර්ට් දුරකථන නිෂ්පාදනයේ මුල් තැන හිමිකරගත් Apple සමාගම විසින් 2017 වර්ෂයේදී හඳුන්වා දුන් iPhone 8 සහ X යන මාදිලි සම්භන්දයෙන් බොහෝ දෙනාගේ අදහස වුයේ එය මුළුමනින්ම අසාර්ථක නිෂ්පාදනයක් බවටයි. නමුත් 2017 වසරේ Apple සමගම ඇමෙරිකානු ඩොලර් බිලයන 229.2ක වාර්තා ගත අදායමක් ලබමින් ප්‍රත්‍යක්ෂ කරන ලද්දේ කොපමණ බැන්නත් Apple දුරකතනයක හිමිකරුවෙක් වීමට හැමෝම උත්සහ ගෙන ඇති බවටයි. 2018 වසරට Apple සමගම විසින් ඔව්න්ගේ නවතම මාදිලි 3ක් හඳුන්වාදී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම Display එකක් සහිත Apple iPhone දුරකථනය මේ අතර තිබීමයි.