Apple and huawei
ඇපල් iPhone අභිබවා Huawei වෙළෙද පොළේ පළමු තැනට එයි
ස්මාර්ට් ජංගම දුරකථන ලෝකයේ රජ්ජුරුවෝ විදිහට හිටපු ඇපල් සමාගමට ඇඩ්ඩ‍්‍රස් නැති වෙන වැඩක් Huawei සමාගම සිදුකරලා තියෙනවා.
ජංගම දුරකථන අලෙවියෙන් ප‍්‍රථම වතාවට ඇපල් සමාගම අභිබවා වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථනය සමාගම බවට පත්වීමට Huawei සමාගම සමත්වෙලා තියෙනවා.
ඒ අනුව ලෝකයේ වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඇපල් සමාගම ඇද වැටිලා.
සංඛ්‍යාත්මකව ගත හොත් පසුගිය කාර්තුවේදී පමණක් චීනයේ නිෂ්පාදිත ස්මාර්ට් ජංගම දුරකථන මිලියන 54ක් අලෙවි වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ කියන්නේ 40%ක වැඩිවීමක් කියලයි ජංගම දුරකථන වෙළෙද පොළ වාර්තා කරන්නේ.
පසුගිය කාර්තුවට පෙර ස්මාර් දුරකථන වෙළෙ පොළේ සැම්සුන් සමාගම විසින් අලෙවි කළ දුරකථන ප‍්‍රමාණය මිලියන 70ක්.
කොහොම වුනත් හුවාවි සමාගම ඇපල් සමාගම අභිබවා වෙළෙද පොළේ අල්ල ගැනීම නිසා ඇමෙරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි ජාත්‍යන්තර ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.
Comments
Post a Comment