Gossip Lanka



TECH

පාර පනිද්දී හැප්පෙන එක නවත්වන්න තරුණයකු ජංගම දුරකථනයකින් කරපු අපූරු නිර්මාණය


mobile app
පාර හරහා ගමන් කිරීමේදී සිදුවන රිය අනතුරු අවම කර ගැනීමට තරුණයකු විසින් ඇප් එකක් නිර්මාණය කර ඇත.
නුගේගොඩ පදිංචි 22 හැවිරිදි සංඛ රත්නායක තරුණයා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
එම ඇප් එක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කිරීමේ අවස්ථාවක් ඊයේ (17දා) පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා එක්වූ අතර ඒ මහතා පැවැසුවේ මෙමගින් රිය අනතුරු අවම කරගත හැකි බවය. මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 2,297ක් බවත්, එයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදිකරුවන් සහ මගීන් බවත් ඒ මහතා පැවැසීය.
ජනයුගය 2017.10.18

Comments

Popular posts from this blog