Hollywood gossip


HOLLYWOOD

ලිංගික හිංසනය නිසා හොලිවුඩය කැළඹේ


hollywood
ඇමෙරිකාවේ ප්‍රබලයන් සිය බලය අනිසි ලෙස භාවිතා කරමින් කාන්තාවන් බියවද්දා ලිංගික හිංසනයට ලක්‌ කිරීම කිසිසේත්ම හාස්‌යෝත්පාදක දෙයක්‌ නොවුණද අමෙරිකාවේ Saturday Night Life නම් වැඩසටහන මගින් එහි ඇතැම් ජනාධිපතිවරුන් විධායක නිලධාරීන් සහ ඇතැම් සුපිරි තරු හාස්‌යෝත්පාදනය ඔස්‌සේ පරිහාසයට ලක්‌ කිරීම නොනැවතීම සිදුවිය . මෙසේ සිය බලය භාවිතා කරමින් කාන්තා හිංසනයේ යෙදුණු ප්‍රබලයන් අතර හිටපු ජනාධිපතිවරයකු වන Bill Clinton ද, සිටින ජනාධිපති වන jk Donald Trump o Bill O’ Reilly නැමති මාධ්‍යවේදියා සහ Bill Cosby ද විය. මෙසේ අමෙරිකානු ප්‍රබලයන් දිගින් දිගටම පරිහාසයට ලක්‌ කිරීම අමුත්තක්‌ බවට පත් වන්නට පටන් ගත්තේ New York Times පුවත්පතේ පළවූ ආන්දෝලනාත්මක පුවතක්‌ නිසාය. Harvey Weinstein නැමති සුප්‍රසිද්ධ චිත්‍රපට නිෂ්පාදකවරයකු දශක දෙකක පමණ කාලයක්‌ සිය බලය භාවිතා කර ගනිමින් කාන්තාවන් ලිංගික හිංසනයට පත් කර ඇති බව එම පුවත්පතෙන් එළිදරව් විය.
දිගින් දිගටම කාන්තාව ලිංගික හිංසනයට ලක්‌ කිරීම ගැන ප්‍රබලයන්ට පහර දුන් Saturday Night Life වැඩසටහනෙහි එම සිද්ධිය ඇතුළත් නොකිරීමට ඔවුහු වග බලාගත් අතර ඒ සඳහා නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කර තිබුණේ එම සිද්ධිය පිළිබඳව ඉඟියක්‌ ඔවුන් ඇතුළත් කර තිබුණද වැඩසටහන පටිගත කරන අතරතුරේදී ඉන් හාස්‌යෝත්පාදනය නොවුණු බැවින් සහ එයට එතරම් ප්‍රේක්‌ෂක ප්‍රතිචාරයක්‌ ද නොලැබුණු බැවින් අවසන් විකාශනයට පෙර එම කොටස ඉවත් කළ බවය.
chathura1Saturday Night Life වැඩසටහනේ නිෂ්පාදකවරයා වන ඵසජය්eකි විසින් මෙය ජාතික අවධානය යොමුවිය යුතු තරමේ ප්‍රශ්නයක්‌ නොවේ යයි අවධාරණය කිරීම ගැන Hollywood සහ New York මාධ්‍ය ඔවුන්ගේ බලවත් විරෝධතාවය පලකර ඇත. Jim Rutenberg නම් මාධ්‍යවේදියා New York Times පුවත්පතේ ඔහුගේ අදහස්‌ දක්‌වමින් කියා සිටින්නේ බොහෝ විනෝදාස්‌වාද නිෂ්පාදන කර්මාන්තය හා බැඳුණු පුද්ගලයන් WEistein වෙතින් බොහෝ ප්‍රතිලාභ ලබන බැවින් ඒවා ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඔවුන් නිහඬව පසුවන බවය.
එසේ නමුත් John Oliver නමැති බ්‍රිතාන්‍ය ජාතික හාස්‍ය රංගන ශිල්පියා මේ පිළිබඳව සිය අදහස්‌ නිදහස්‌ව ප්‍රකාශ කර ඇත.
Weinstein සිය නිදහසට කරුණු ලෙස පවසා ඇත්තේ ඔහු Hooywood ක්‌ෂේත්‍රයට පිවිසුන කල සීමාවේ කාන්තා හිංසනය පිළිබඳ නීති රීති එතරම් දැඩි නොවූ බවත් එය එකල සංස්‌කෘතිය වූ බවත්ය නමුත් එය නිදහසට කරුණක්‌ නොවන බව ඔහු විසින්ම පිළිගෙන ඇත.
ඔහුගේ එම මතය John Oliver හාස්‍යයට ලක්‌ කරමින් කියා සිටින්නේ කාන්තා හිංසනය කෝ කිනම් යුගයකදී හෝ ශිෂ්ට බව පිළිගත නොහැකි බවය.
කෙසේ නමුත් John Oliver වැනි අදීන මිනිසුන් සිටින තාක්‌ කල් Weinstein වැනි අයට ගැලවීමක්‌ නැති වනු ඇත .

Comments

Popular posts from this blog