The four girls who arrived at a big day bank came with a strange game ..!
මහ දවල් බැංකුවකට ඇවිත් අමුතුම ගේමක් ගහපු තරුණියෝ හතරදෙනා..!
පසුගියදා රත්නපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවකින් මුදල් ලබා ගැනීමට පැමිණි තරුණයෙකුගේ ලක්ෂ 03 ක මුදලක් ඉතා සූක්ෂම ලෙස සොරකම් කිරීමට තරුණියන් සිවුදෙනෙකු කටයුතු කර තිබෙනවා. මුදල් හදිසියක් සඳහා අදාල මුදල ලබා ගනෙ ඔහු බැංකුවෙන් පිටවී යද්දී අදාල තරුණියන් සිවුදෙනා ඉතා සූක්ෂම අයුරින් කිසිවෙකුගේ නෙත නොගැටෙන ලෙස අදාල මුදල පැහැරගෙන පලාගොස් තිබෙනවා.
අදාල තරුණයා මෙන්ම බැංකුවේ නිළධාරීන්ට පවා සිතන්නට යමක් ඉතිරි කරමින් සිදු වුන එම සිදුවීම අද (09) සතිඅන්ත පුවත්පතක් විසින් වාර්තා කර තිබුනේ මෙලෙසින්.
‘‘අන්න එළියට එනවා වරෙල්ලා යන්න බෑන්ක් එකේ දොර ළඟට එනකොටම ඇඟේ හැප්පෙන්න විතරයි තියෙන්නේ..

එක් තරුණියක් ඇයගේ මිතුරියන් තිදෙනාට එසේ රහස් හඬින් පැවසුවේ කුමන හෝ අමුතු වැඩකට බව බැංකුවෙන් මුදල් රැගෙන පිටවීමේ දොර ළඟට පැමිණෙන තරුණයාට සිහිනෙකින්වත් සිතුණේ නැත. ඔහු බැංකුවට ඇතුළුවූ වේලාවේ සිට නැවත ආපසු එනතෙක් පිරිසක් ඔහු නිරීක්‍ෂණය කරමින් සිටින බව ඔහු දැන සිටියේ නැත.
‘‘උඹලාගෙන් එකෙක් උවමනාවෙන්ම ගිහින් තදින් මිනිහගෙ ඇඟේ හැපෙන්න ඕන. එතකොට මිනිහ අන්දමන්ද වෙනවා ඉතුරු හරිය මම බලාගන්නම්…
එක් තරුණියක් තම මිතුරියන්ට එසේ පැවසුවේ සැලැස්ම පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමටය.
තරුණියන් සිව්දෙනා පුන පුනා බලාසිටි අවස්ථාව උදා විය. තරුණයා දොරටුවෙන් එළියට පිවිසුණේය. ඒ එක්කම බැංකුවට යන ගනුදෙනුකරුවන් විලසින් දොර අසලට පැමිණි තරුණියන් උවමනාවෙන්ම එම තරුණයාගේ ඇඟේ හැපුණේ ඔහු වික්‍ෂිප්ත කරමිනි.

‘‘අනේ සොරි අයියේ මේ වෙන කල්පනාවක ආවෙ සොරි සොරි..
එක් තරුණියක් ඉතාමත් අහිංසක මුහුණක් මවාගෙන තරුණයාගෙන් සමාව ඉල්ලූවේ හිතේ කොනක සැඟවී තිබෙන ව්‍යාජ අරමුණු සඟවාලමිනි.
‘‘හරි හරි ‘‘කමක් නෑ නංගි..
අනෙක් තරුණියන් තිදෙනා ඔහුට ළංවීමේ අනපේක්‍ෂිත සිදුවීම පිළිබඳ සමාව ඉල්ලමින් ඔහුට සමීප වී ක්‍ෂණයකින් ඔහු අසලින් ඉවත්ව එතැනින් අතුරුදන් වූයේ තරුණයාටත් කිසිවක් සිතාගත නොහැකිවන පරිද්දෙනි.
සියල්ල නිමවීමට ගත වූයේ විනාඩියකටත් අඩු කාලයකි. සුකුමාල තරුණියන්ගේ දඟකාරකම් ගැන කිසිදු අමනාපයක් සිතට නොගත් තරුණයා බැංකුවෙන් පිටත් වූයේ තම ගමන යෑමටය.
‘අද නම් කල්ල මරේ බං… මොනරු මිටියක් ම අතේ. කවුද හිතුවේ මේ වැඬේ මෙච්චර ලේසියි කියල…
බැංකුව අසලින් පලා ගිය තරුණියන් සිව්දෙනා අතරමඟදී ඔවුන්ගේ ජයග‍්‍රහණයේ සතුට භුක්ති වින්දේ එලෙසිනි. ඔවුන් මේ යන්නේ ලක්සෙට කොඩිය දාලාය.
ජයග‍්‍රහණයේ සතුට විඳිමින් සොරකම සිදු කළ පිරිස පලායද්දී තරුණයා මේ කිසිවක් නොදැන අසල තිබූ වෙළෙඳසැලකට ගොඩ වුණේ පිපාසය නිවා ගන්නටය. සාක්කුවට අත දැමූ ඔහු ට දෙවියන් සිහි විය. ඔහුගේ මුළු ගතම අප‍්‍රාණික වී සීතල වී ගියේය. ඉහින් කනින් දාඩිය දමන්නට පටන් ගත්තේය. සාක්කුවේ තිබුණු රුපියල් ලක්‍ෂ 03 ක මුදල අතුරුදන් වී ඇත. එය කෙසේ වූවා දැයිවත් ඔහුට සිතාගත නොහැකි විය. හදිසි කරදරයකට ප‍්‍රයෝජනයට ගැනීමට බැංකුවෙන් ගත් මුදල් අතුරුදන් වී ඇති බව දැනෙන විට ඔහුට මහා විශාල වේදනාවක් ආවේ අසරණ අපිට ම මෙහෙම වෙන්නේ ඇයි දැයි සිතමිනි.
ඔහු නැවතත් බැංකුවට දිවගෙන ගියේ අසිහියෙනි. සිදුවූ දේ පිළිබඳ කිසිවක් සිතාගත නොහැකි නිසා විනාඩි කිහිපයක් තුළ මේ සිදුවූ දේ ගැන ඔහු බැංකු නිලධාරීන්ට පැවසුවේ වචන ද පටලවා ගනිමිනි.
‘‘අනේ සර් මං මේ දැන් බැංකුවෙන් සල්ලි අරන් ගියේ. දැන් මොහොතකට කලින් ඒ සල්ලි ටික කවුරු හරි ගත්තා. මොනව වුණාද කියල මට හිතාගන්න බෑ සර්…
ඔහු විලාප දෙන්නට පටන් ගත්තේ බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවන් සහ බැංකුවේ සේවය කරන නිලධාරීන් පුදුමයට පත්කරවමිනි.
‘‘හරි හරි මල්ලි ඉස්සෙල්ලාම සන්සුන් වෙන්නකො. මොකද වෙලා තියෙන්නේ කියලා බලමු අපි..
බැංකුවේ නිලධාරීන් ඔහුව අස්වසාලන්නට උත්සාහ දැරුවේ ඒ අවස්ථාවේ ඔහු සිටි මානසිකත්වය පිළිබඳව සිතමිනි.
‘‘ඔයා කියන විදියට දොර ළඟට එද්දිත් ඔයාගෙ සල්ලි සාක්කුවේ තිබුණා නම් එතැනින් එහාටනෙ නැති වෙන්න ඕන. අපි බලමු සීසීටීවී කැමරා එක…
එක් නිලධාරියෙක් එසේ පවසමින් තරුණයා බැංකුවට පැමිණි වේලාවේ සිට සීසීටීවී කැමරාවල සටහන් වී ඇති දර්ශන දෙස අවධානය යොමු කළේය.
‘‘මේ තියෙන්නේ නියමෙට මේ මල්ලි බෑන්ක් එකෙන් එළියට යද්දි කෙල්ලො කට්ටියකගේ ඇඟේ හැප්පුනා ද. මෙතැන හොඳටම පේන්න තියෙනවා එක කෙල්ලෙක් ඔයාගේ සාක්කුවට අත දාලා සල්ලි ගන්නවා… සීසීටීවී දර්ශන දෙස ඉතාමත් උවමනාවෙන් බැලූ විට එම නිලධාරීන් සිදුවී ඇත්තේ කුමක්ද යන්න තරුණයාට පෙන්නුවේය.
‘‘ඔව් මට මතකයි මං සල්ලි සාක්කුවේ දාගෙන එළියට එනකොටම කෙල්ලො හතර දෙනෙක් මගෙ ඇඟේ හැප්පුණා. ඒත් මං ඒක ගණන් ගත්තෙ නෑ…
ඔහු එසේ පැවසුවේ තවමත් සිදුවූයේ කුමක්ද කියා තේරුම් ගැනීමට වත් නොහැකිවය.
තරුණයා ඔහුට සිදුවූ අකරතැබ්බය රත්නපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කළේ ඉන්පසුවයි.
වහාම කි‍්‍රයාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ පෞද්ගලික බැංකුවට ගොස් සීසීටීවී කැමරා පද්ධතියේ රූප රාමු පරීක්‍ෂා කර බැලීමේදී දුටුවේ තරුණියන් සිව්දෙනකු බැංකුවෙන් පිටතට එන ඉහත කී තරුණයා යම් තෙරපීමකට ලක් කරන ආකාරයයි. ඒ අවස්ථාවේ එක්තරා තරුණියක් ඔහුගේ සාක්කුවට අත දමා මුදල් පැහැර ගන්නා ආකාරයද සීසීටීවී කැමරාවේ පැහැදිලිව සටහන්ව තිබිණ.
තවමත් මෙම රුපියල් ලක්‍ෂ 03 ක මුදල් සොරකම් කළ පලාගිය තරුණියන් සිව්දෙනා පිළිබඳව පොලිසියට කිසිදු හෝඩුඩාවක් ලැබී නැත. සබරගමු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ දීර්ඝ අධීක්‍ෂණය යටතේ රත්නපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති පද්මසිරි මුණසිංහ සහ රත්නපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජේ. ඒ. ඞී. සේරසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු පොලිස් කණ්ඩායමක් අදාළ සැකකාරියන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ මෙහෙයවති.






Comments
Post a Comment